සෑහෙන දවසකින් Post එකක් ලියන්න හිතන් බ්ලොග් එක පැත්තෙ ආවේ... කොටින්ම campus ආපහු පටන් ගත්තට පස්සෙ මමත් බ්ලොග් එක පැත්තෙ ආවෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්.. ඒක නිසා මං හිතුවෙ දැන් මගේ බ්ලොග් එක පාළු අම්බලමක් වගේ ඇති කියල.. ඒත් බැලුවම ඒ අදහස වැරදියි වගේ.. මේ මාසෙටම අලුතෙන් post එකක් දාන්න බැරි උනත් පරණ ලිපි වලට comments වැටිල තිබුණ.. ඒ වගේම followes ල කීප දෙනෙකුත් එකතු වෙලා. ඒ අතර සරසවියෙ වෙනත් පීඨ වල සහෝදර සහෝදරියොත් ඉන්න එක ගොඩක් ලොකු සතුටක්.. ඇත්තටම දැන් campus එකේ වැඩ කරන වේගේ දෙගුණ තෙගුණ කරලා..Exam එකත් ළඟයි. හරියට අපි strike එකක් කරල ආව වගේ.. යන්තම් අද තමා post එකක් ලියන්න ඉස්පාසුවක් හොයාගත්තෙ.
ඊයේ ගෙදර ඇවිත් news බලන කොට මෙන්න මෙහෙම news එකක් යනවා.."නවලෝක සමූහ ව්‍යාපාරයේ සභාපති H.K.ධර්මදාස බණ්ඩාර මහතා අභවප්‍රාප්ත විය." මේ පුද්ගලයා ගැන තවත් වාර්තා වලින් කියවුනේ රුපියලක් අතේ තියාගන කොළඹ ඇවිත් දියුණුවේ හිනිපෙත්තටම නැගි ආදර්ශමත් චරිතයක් බවයි..මුලින්ම කඩ වල වේටර් වැඩ කරල තමා ඔහු කොළඹ ජීවිතය පටන් අරන් තියෙන්නේ.. නමුත් අද ඔහුට අයත් ව්‍යාපාර නිසා රටේ දහස් ගණනකට රැකියා ලැබිල ජිවත් වෙන්න.. ඒ වගේම ඔහු හොඳ සමාජ සේවකයෙක්.. තවත් මම ඔහුගේ ජිවිත කතාව කියන්න යන්නෙ නෑ.. ඒත් මට මේ කතාව ඇහුවට පස්සෙ මං ගැනම ලැජ්ජාවක් ඇති උනා..මොකද මේ නම වත් මං ඇහුවෙ අදම නිසා.. එකත් මේ මනුස්සයා මැරුණට පස්සෙ..
ඇත්තටම මේකට හේතුව මොකද්ද කියල හිතහිතා ඉන්නකොට තමා මට කල්පනා උනේ මේ මනුස්සයාගේ මොන තරම් හැකියාවක් තිබුනත් එක වැඩක් බෑ නේද කියල..ඒක නැතිව කොහොමද අද රටේ ජනප්‍රිය පුද්ගලයෙක් වෙන්නෙ..! ඒක තමා එතුමට Super star,Dream star වගේ ඒවට ඇවිත් අනුන්ගේ සින්දුවක්වත් කියා ගන්න බැරි එක.. එහමත් නැත්තං මෙගා ටෙලි නාට්‍යයක චරිතයක් කරන එක. ඉතින් මේව බැරි නිසා මේ වගේ අය රටට මොන දේ කලත් ජනතාව අතරට යන්න බෑ.. මාධ්‍ය වලින් එලියට එන්න බෑ.. ඒක නිසා ඉතින් ඒක මගෙ වැරැද්දක් නෙමේ.. එතුමාගේම වැරැද්ද..!මොකද අපි ඔය TV එකේ පෙන්නන Stars ලගේ(එහෙම කියල හිතන් ඉන්න කට්ටියගේ) අලගිය තැන් මුල ගිය තැන් විතරක් නෙමේ.. කන බොන දේවල්,යන එන තැන් කොටින්ම යටට අඳින එක ගැන පවා ඔක්කම දේවල් දන්නවනේ..! ඒ ඉතින් අපිට වටින එකම දේ අනුන්ගෙ සිංදු තමන්ගේ වගේ කියකිය නටන එකයි,හොටු පෙර පෙර බඩවැල් නාට්‍ය වල රඟපාන එකයි නිසානේ.. අපිට රට ගැන මිනිස්සු ගැන හැඟීමක් එන්නෙ එතකොට විතරනෙ..
අපේ රටේ මිනිස්සු සමහර දේවල් වලට,මිනිස්සුන්ට සලකන හැටි දැක්කම නං පුදුම හිතෙනවා.. ලංකාවෙ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර කියන්නෙ කව්ද කියලවත් දන්නෙ නැති අපේ සමහරු ෂාරුක් ඛාන් දවසකට කී පාරක් ටොයිලට් යනවද කියලත් දන්නවා.. මැලිබන් මුදලාලි,ගොඩගේ මුදලාලි ගැන හන්කවිස්සියක් නොදන්නව උනත් අයිශ්වර්යට හම්බවෙන්න යන ළමයගේ ඔලුවෙ කෙස් ගස් ගානත් දන්නවා.. H.K. ධර්මදාස මහත්තයගෙ නමවත් අහල නැති අපේ අය TV එකේ හොටු පෙරාගෙන අඬපු පබාව පාර්ලිමේන්තු යවන්න කතිර ගැහැව්වේ ඡන්ද පෙට්ටිය උඩ නැගගෙන... අපේ මිනිස්සු, මිනිස්සුන්ගෙ ගුණාත්මක බව මනින හැටි හරි ෂෝක් නේද..!! දක්ෂයො,වැදගත් මිනිස්සු කුණු කුඩේට විසිවෙන කොට අඳ බාල හිස් මිනිස්සු අපේ ගෙදර සාලයේ රජ කරනවා.. එලොවටත් මෙලොවටත් නැති චරිත promote කරන වෙලා ධර්මදාස මුදලාලි වගේ චරිත ගැන පොඩ්ඩක් හරි මාධ්‍ය වලින් කතා කරනවානම් ඒක කොච්චර වටිනවද..! ඒ වගේ චරිත වලින් නෑ බෑ කිය කියා ඉන්න අපේ සමාජයට කොච්චර දේවල් ඉගනගන්න පුලුවන්ද..! එහෙම දේවල් මෙච්චර කල් උනානං අපේ රට මෙහෙම තියේවි ද..!
ඉතින් අපේ ගොඩක් තරුණ තරුණියන්ගේ හීනෙ වෙලා තියෙන්නෙත් මේ TV චැනල් වලින් පුම්බන තරුවක් වෙන එක..ඒ වගේ වැඩසටහන් වලට තියෙන බලු පොරේ දැක්කම ඒක හිතා ගන්න එක අමාරු නෑනේ..ඔවුන්ගෙ ලෝක වල වීරයෝ වෙන්නෙත් අර වගේ පුද්ගලයෝම තමා.. උත්සාහය,කැපවීම අවියක් කරගෙන ජිවිතේ ගොඩනගා ගත්ත, රටට මෙහෙවරක් කරපු ධර්මදාස මුදලාලි වගේ අය ඒ අයට වීරයෝ වෙන්නෙ නෑ.. ඉතින් කොහොමද මේ වගේ ශ්‍රේෂ්ඨ චරිත බිහි වෙන්නෙ.. නමුත් ඔය මොන තරු ආවත් ඒවා බොහොම තාවකාලිකයි.. නියම තරු කවුද කියන එක පරක්කු වෙලා හරි මිනිස්සුන්ට තේරේවි..!